Gossips

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට අතිරේක බලඇණියක්

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වෙනුවෙන් 2000 ක අතිරේක භට පිරිසක් යෙදවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශසීමාවේ ආරක්ෂාවට යොදවා ඇති මුළු භට පිරිස 4,300 ක්.
මෙම අතිරේක භට පිරිස දේශසීමාවේ මුර සංචාරයේ යෙදීම මෙන්ම ආරක්ෂක වැටේ නඩත්තු කටයුතු සඳහා යෙදවෙනු ඇති.
මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීම වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොංග්‍රස් මණ්ඩලය සමඟ සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙවැනි භට පිරිසක් දේශසීමාවට යවා ඇත්තේ.