Gossips

71 වන ජාතික නිදහස් දින සැමරුමට ජනපති සම්ප්‍රාප්ත වේ

අභිමානවත් 71 වන ජාතික නිදහස් සැමරුමට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම ආර්යාව මීට සුළු මොහොතකට පෙර ගාලූමුවදොර පිටියේ සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්ත වුණා.
ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවමින් නිදහස් දින උත්සවයේ කටයුතු ආරම්භ කළ අතර, පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීය ගායනය කරනු ලැබුවේ ඉන් පසුවයි.
ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට පෙර මෙවර ජාතික නිදහස් දින සැමරුවේ විශේෂ ආරාධිතයා ලෙස එක්වන මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි උත්සව භූමියට පැමිණියා.
පූජ්‍ය පක්ෂය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මැති ඇමතිවරුන්, විදෙස් තානාපතිවරුන් ඇතුලූ සම්භාවනිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ජාතික නිදහස් සැමරුම මේ වනවිට ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙනවා.