Gossips

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොටගල දුම්රිය ස්ථානය දී දුම්රියක් පීලි පැණීමට ලක්වීම හේතුවෙන් අවහිරව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
නාවලපිටියේ සිට නානුඔය දක්වා ඉන්ධන ප්‍රවාහන කළ දුම්රියක් ඊයේ (03) පස්වරුවේ පීලි පැණීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
මෙම අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ඉන්ධන ටැංකියට පමණක් සුළු හානි සිදුවුණා.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (03) රාත්‍රී 10ට පමණ දුම්රිය යළි පිලී ගතකර අවසන් කළ බවයි.