එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ කෝප්රල් සමන්ත විජේකුමාරගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සංවේගය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, පොල්පිතිගම – රාවාඇල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට අද (03) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදියි.
ජනාධිපතිවරයා මිය ගිය කෝප්‍රල්වරයාගේ මව, බිරිඳ සහ දරුවන් සමඟ කෙටි පිළිසඳරක යෙදුණු අතර ඔවුන් පදිංචි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවට එහිදී පෙන්වා දී තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් වහාම ප්‍රාදේශීය ලේකම්වරයා හරහා විසදුමක් ලබාදෙන ලෙස රාවාඇල ග්‍රාම නිලධාරීවරයාට මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදුන්නා.
මේ අතර, මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටියදී දිවි පිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ පවුලේ ඥාතීන් වෙත ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) සිය කණගාටුව ප්‍රකාශ කරනු ලැබුවා.