Gossips

හිටපු ජනපතිනියගේ රැකවලුන්ගෙන් හිරු මාධ්‍යවේදීයාට බලපෑම්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් ගම්පහ – අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් වාර්තා කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියා එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කර තිබෙනවා.
අඩුආදායම්ලාභී පවුල් සඳහා ස්වයං රැකියා උපකරණ බෙදා දීම වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ මෙම උත්සවය සංවිධාන කර තිබුණේ අත්තනගල්ල – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදියි.
උත්සවය වාර්තා කිරීම සඳහා පස්වරු 2 වන විට අත්තනගල්ල නිදහස් පක්ෂ කාර්යාලය වෙත පැමිණෙන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් වෙත දැනුම් දී තිබුණා.
නියමිත වේලාවට මාධ්‍යවේදීන් පැමිණිය ද උත්සවයේ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් පැය එක හමාරක කාලයක් එහි රැදී සිටීමට මාධ්‍යවේදීන්ට සිදුවුණා.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිනිය උත්සවයට පැමිණීමට සුළු වේලාවකට පෙර ඇයගේ ආරක්ෂක අංශ නිලධාරියෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉන්දික තුෂාර අබේසුන්දර එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදියා අද (03) පස්වරුවේ නිට්ටඹුව පොලීිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.