Gossips

මොරටුවේ ලී බඩු නිෂ්පාදනාගාරයක ගින්නක්

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ ලී බඩු නිෂ්පාදනාගාරයක අද අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් එම ලි බඩු නිෂ්පාදනාගාරයේ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මොරටුව ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට ගින්න නිවීම සදහා පැය තුනක පමණ කාලයක් ගතවී තිබෙනවා
ගින්න නිවීම සදහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ රථ 3ක් යොදාගෙන ඇති අතර මොරටුව එගොඩඋයන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.