Gossips

යට ඇඳුමේ සැඟවූ හෙරොයින් (ඡායාරූප)

යට ඇදුම් තුල සඟවා බදුල්ල නගරය වෙත යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල, සොරණාතොට, රිදීපාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 11ක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
මොවුන් කල්මුනේ ප්‍රදේශයේ සිට මෙලෙස හෙරොයින් රැගෙනවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ කල්මුනේ, නින්දවූර්හි පදිංචි වයස අවුරුදු 35ක පුද්ලයෙකු සහ පණ්ඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක්.
ඌව පළාත් දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි මෙම සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අද (03) බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඡායාරූප – වියලුව, නිශාන්ත කුමාර