Gossips

වර්ජනයෙන් බහලූම් නිශ්කාෂණය සියයට 90 කින් පහළ බසී

දෛනිකව රේගුවෙන් නිශ්කාශණය කරනු ලබන බහලූම් සංඛ්‍යාව සියයට 90 කින් පමණ පහළ බැස ඇති බව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත රේගු වෘත්තිය සමිති ප්‍රකාශ කර සිටිනවා.
දිනකට 1500 ත් 2000 ත් අතර බහලූම් ප්‍රමාණයක් වරායෙන් නිශ්කාශනය කෙරෙන අතර, මේ වනවිට එය 100 ත් 200 ත් අතර ප්‍රමාණයකට පහත බැස ඇති බවයි රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා කියා සිටියේ.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට විසදුම් නොලැබුනහොත් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගුකිරීමට තීරණය කර ඇති බවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේ.
එමෙන්ම අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් මතුවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
දෛනිකව රුපියල් බිලියන 3 ත් 4 ත් අතර ප්‍රමාණයක ආදායමක් රේගුවෙන් රජයට ලැබෙන අතර, මේ වනවිට එම ආදායමෙන් සියයට 60 ත් 65 ත් අතර ප්‍රමාණයක් රජයට අහිමිවී ඇති බවයි රේගු වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.