Gossips

අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගන්න මුදල්

මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500 ක් මුදාහැර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම ඒ සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවටද රුපියල් මිලියන 500 ක් වෙන් කරඇති බව සඳහන්. ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් සපයනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයටයි.
ඖෂධ හිඟයක් පැවතීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට බලපෑමක් ඇතිවූ අතර, ඇතැම් රෝගීන් හරවා යැවීමටද සිදුවූ බවයි වාර්තාවන්නේ.