Gossips

තිරුපති කෝවිලෙන් රන් කිරුළු 3 ක් සොරා ගැනේ

දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට තිරුපති දේවස්ථාන සංකීර්ණයේ ශ්‍රී ගෝවින්දරාජාස්වාමි දේවස්ථානයෙන් රන් කිරුළු 3ක් සොරාගෙන තිබෙනවා.
මලයප්පා, ශ්‍රීදේවි සහ භූදේවි දෙවිවරුන්ට වෙන් කළ 12 වන සියවසේ තැනූ මෙම රන් කිරුළුවල මිල කළ නොහැකි මැණික්ද ඔබ්බවා තිබූ බව සඳහන්.
ඊයේ සන්ධ්‍යාවේ දිව්‍යප්‍රසාද පූජාව සිදුවන අවස්ථාවේ මෙම සොරකම සිදුව ඇති අතර, දේවස්ථානයේ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් සොරුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක බව ප්‍රාන්ත පොලීසිය සඳහන් කළා.