Gossips

ඉන්දීය සිසුන් ඇමරිකාවේදී අත්අඩංගුවට ගැනීමට විරෝධය

ඉන්දීය සිසුන් 29 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් විරෝධය දක්වා තිබෙනවා.
මෙම සිසුන් මිචිගන් ප්‍රාන්තයේ ෆාමින්ටන් නැමති විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇති අතර, පසුව අනාවරණ වී ඇත්තේ එය සංක්‍රමණික සිසුන් අනාවරණ කරගැනීම සඳහා ඇමරිකානු සංක්‍රමණික බලධාරීන් එම විශ්වවිද්‍යාලය ව්‍යාජ ලෙස ස්ථාපිත කර ඇති බවයි.
කෙසේ නමුත් මෙලෙස ව්‍යාජ සරසවියක් අටවා සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වන ඉන්දීය රජය කියා සිටින්නේ අදාළ සිසුන්ට නීතිමය සහය ලබාදිය යුතු අතර, ඔවුන් කැමැත්තකින් තොරව ඇමරිකාවෙන් පිටුවහල් නොකළ යුතු බවයි.