Gossips

මහනුවර කණ්ඩායමට වසර 19 කට පසු තවත් පරාජයක්

කොළඹ – තුරඟ තරග පිටියේ ඊයේ පැවති අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී ප්‍රබල මහනුවර කණ්ඩායම පරදවා ලකුණු 33 ට 17ක් ලෙස ජයලැබීමට සී.එච්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම සමත්වුණා.
ඔවුන් මෙලෙස මහනුවර පිල පරාජයට පත් කළේ වසර 19 කට පසුවයි.
මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලීග් තරගාවලියේ තරග 12 කට එක්වී ඇති සී.එච් කණ්ඩායම, තරග 8 ක් ජයග්‍රහණය කර තරග 4 ක් පරාජය වී තිබෙනවා.
මහනුවර කණ්ඩායම මෙවර ලීග් තරගාවලියේ පරාජය වූ දෙවැනි තරගය මෙයයි.