Gossips

දිමුත්, යළි පිටියට – පන්දුවක් හිසේ වැදී, කුසල් ජනිත් ඉවතට

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද ඊයේ පන්දුව හිස වැදී රෝහල් ගත කෙරුණු දිමුත් කරුණාරත්න යළිත් පිටියට පිවිසුණා.
කෙසේ නමුත් අද දිනයේදී මැනවින් පන්දුවට පහරදෙමින් සිටි කුසල් ජනිත් පෙරේරාට ජයි රිචඞ්සන් එවූ වේග පන්දුව දෙවරක්ම හිසේ වැදීම නිසා පිටියෙන් ඉවතට යාමට සිදුවුණා.
දිමුත් කරුණාරත්න ලකුණු 59 කට දැවී ගිය අතර, කුසල් ජනිත් මෙතෙක් යළි පිටියට පිවිසී නැහැ.
ශ්‍රී ලංකා පිල මීට සුළු වේලාවකට පෙර සිය මුල් ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටියා.
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 534 ක් දැවී පන්දුවට පහරදීම අත්හිටවනු ලැබුවා.