Gossips

වෙනිසියුලානු පක්ෂ විපක්ෂ ආධාරකරුවන් අගනුවරට

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝගේ ආධාරකරුවන් සහ විපක්ෂයේ හුවාන් ග්වයිඩෝ ගේ ආධාරකරුවන් කරකාස් අගනුවරට රොක්වී සිටින බව වාර්තාවනවා.
ග්වයිඩෝ පසුගියදා තමා වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර, ඔහුට ඇමරිකාව සහ ලතින් ඇමරිකානු රටවල් රැසක සහය හිමිවුණා.
විපක්ෂයේ විරෝධතා පැන නැගුණේ මදුරෝ සිය දෙවන ධුර කාලය ආරම්භ කර දින කිහිපයකට පසුවයි.
ඒ සඳහා ඔහු පත්වූ ජනාධිපතිවරණය දුෂිත බවට චෝදනා එල්ල වූ අතර, විපක්ෂයේ අපේක්ෂකයන් සහ ක්‍රියාකාරීන් රැසක් සිරගත කර තිබූ බව සඳහන්.
වෙනිසියුලානු ජාතික සභාවේ ප්‍රධානියා වන හුවාන් ග්වයිඩෝ කියා සිටින්නේ එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා නීත්‍යානුකූල නොවන බව පෙනී යනවිට එම බලය තාවකාලිකව ලබාගැනීමට තමාට අවකාශ ඇති බවයි.
ජනාධිපති මදුරෝට රුසියාව සහ චීනයේ සහය හිමිවන අතර, ඔහුගේ ආධාරකරුවන් කරකාස් අගනුවරට ඊයේ පැමිණියේ මදුරෝට පෙර වෙනිසියුලාවේ සමාජවාදී නායකයා වූ හියුගෝ චාවේස් බලයට පත්වී විසි වසරක් සැමරීම සඳහායි.