Gossips

කටුනායක ගුවන් තොටුපල ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ මාලදිවයින් ජාතිකයින් හතරදෙනෙකු අත්අඩංගුවට

කටාන – දමින්නගහ වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඩ්‍රෝන කැමරාවක් මගින් අධිආරක්ෂිත කලාපයේ පිහිටි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රූගත කිිරීම සම්බන්ධයෙන් විදේශිකයන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මාලදිවයින් ජාතිකයින් හතරදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වයස අවුරුදු 19, 22 සහ 23 වයස්වල පසුවන ඔවුන් අතර එක් සැකකාරියක්ද වනවා.
සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.