Gossips

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තුන්දෙනෙකු අග්බෝපුරදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අග්බෝපුර – කිතුල්උතුව පාලම අසළදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ක්‍ෂණික මාර්ග බාධක යොදා ඔවුන් ගමන් ගත් කැබ් රථය පරීක්ෂා කිරීමේදී ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අවුරුදු 21, 24 සහ 28 වයස්වල පසුවන සැකකරුවන් මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
එමෙන්ම විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
63 හැවිරිදි ඔහු සතුව තිබී තවත් තියුණු ආයුධ කිහිපයක්ද පොලීසිය සොයාගෙන ඇති බව සඳහන්.