Gossips

ඉන්දියාවේ දුම්රියක් පීලිපැන හයක් මරුට

බිහාර් ප්‍රාන්තයේ ජෝග්බානි නුවර සිට නවදිල්ලි අගනුවර බලා පැමිණෙමින් තිබූ අධිවේගී දුම්රියක් බිහාරයේ වෛශාලි ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වීමෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද අලූයම මෙලෙස අනතුරට ලක්වූ සීමන්චාල් අධිවේගී දුම්රියේ සිටි තවත් 14 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
දුම්රියේ මැදිරි 9 ක්, පීලිපැන ඇති අතර, ඉන් 3 ක් උඩුයටිකුරුව පෙරළී ඇති බව සඳහන්.
පෙරළුණු මැදිරියකට අයෙක් යටවී ඇති බව වාර්තා වන අතර, ඒ අනුව මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.