Gossips

අකුරට වැඩ කළ රේගු වෘත්තීය සමිති, වර්ජනයකට සැරසේ

තම ඉල්ලීම්වලට විසදුම් නොලැබුනහොත් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගුකිරීමට රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
එමෙන්ම අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් මතුවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි රේගු වෘත්තීය සමිති සන්ධානය පසුගිය 29 වනදා පස්වරුවේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
එමෙන්ම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණද රේගු වෘත්තිය සමිති ගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.