Gossips

ජාතික දින සැමරුමට ත්‍රිවිධ හමුදාවේ 5848 ක්

හෙට පැවැත්වෙන ජාතික දින සැමරුම් උළෙලෙහි ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5848 ක් යොදවා ඇති බව යුද හමුදාව පවසනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 3872 දෙනෙකු ආචාර පෙළපාලිය සදහා එක්වීමට නියමිතයි.
ගුවන් හමුදාව නියෝජනය කරන නිලධාරින් 932 දෙනෙකු එක්වන අතර, නාවික හමුදාව නියෝජනය කරමින් හමුදා නිලධාරින් 1044 දෙනෙකු ආචාර පෙළපාලියට එක්වන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මීට අමතරව, පොලීසිය නියෝජනය කරමින් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරින් 920 ක් එක්වීමට නියමිතයි.
ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් එහි සාමාජිකයින් 302 දෙනෙකු මෙවර ජාතික දින ආචාර පෙළපාලිය සදහා එක්වනු ඇති.
මේ අතර, ජාතික දින යුද හමුදා ආචාර පෙළපාලි පුහුණු පෙරහුරු හේතුවෙන් අද පෙරවරු 6.30 සිට ගාලූමුවදොර පිටිය ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තබන බව පොලීසිය පවසනවා.
ඒ අනුව, කොල්ලූපිටිය මංසන්ධියෙන් ගාලූමුවදොර පිටිය දෙසට පිවිසෙන මාර්ගය රථ වාහන ගමනාගමනය සදහා වසා තැබෙනවා.
එම රථ වාහන කොල්ලූපිටිය මංසන්ධියෙන් දකුණට හැරී, පුරහල ඔස්සේ කොළඹ කොටුව දෙසට පැමිණිය හැකි බවයි පොලීසිය කියා සිටියේ.
කොළඹ කොටුවේ සිට ලෝටස් වටරවුම ඔස්සේ ගාලූමුවදොර පිටිය දෙසට පිවිසෙන ලෝටස් මාර්ගය වසා තැබෙන අතර, එම රථ වාහන සදහා ද විකල්ප මාර්ගයක් හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව, එම රථ වාහන පංචිකාවත්ත, මරදාන ඔස්සේ කොල්ලූපිටියට පැමිණ යළි ගාලූපාර හා සම්බන්ධ විය හැකියි.