Gossips

ඇමරිකාවට රුසියානු ජනපතිගෙන් ප්‍රතිචාර

රුසියාව සහ ඇමරිකාව අතර ක්‍රියාත්මක මැදිදුර න්‍යෂ්ටික අවි ගිවිසුම අත්හිටුවන බව රුසියාව ද ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ඊයේ සිදුකරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙනුයි රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ කියා සිටියේ දෙරට අතර ඇති, අදාළ ගිවිසුම රුසියාව විසින් කඩ කර ඇති බැවින් ඇමරිකාව ඉන් ඉවත් වන බවයි.
මේ අතර, දෙරට අතර සාකච්ඡාවකින් ගිවිසුම අඛන්ඩව පවත්වාගෙන යා යුතු බව චීනය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.