Gossips

දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බවට වාර්තා

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් පසු පිටියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බව ඕස්ට්‍රේලියානු වාර්තා ප්‍රකාශ කළා.
දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 80 ඉක්ම වූ සබඳතාවක් පවත්වාගෙන යද්දී, ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ගේ පන්දුවක් හිසේ වැදීමෙන් මෙම අනතුර සිදුවුණා.