Gossips

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
අද පස්වරු 2 ට පමණ සිංගිමලේ දුම්රිය උමං මාර්ගය ආසන්නයෙන් ආරම්භ වී ඇති ගින්න කඳු බෑවුමේ සිට කඳු මුදුන දක්වා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කෙරෙනවා.
පැතිර යමින් පවතින ගින්න පාලනය කිරීම සඳහා හැටන් අඩවි වන නිලධාරී කාර්යාල නිලධාරීන් යුද හමුදාවේ සහය ඉල්ලා ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.