Gossips

පැට් කමින්ස්ගේ පන්දුව දිමුත් පිටියෙන් ඉවත් කරයි (ඡායාරූප)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය අතර තුර අවසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.
ඒ ඔහු පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් යැවූ පන්දුවක් ඔහුගේ ගෙළ ප්‍රදේශයේ වැදීමෙන් අබාධයකට ලක්වීම හේතුවෙන්.
දිමුත් කරුණාරත්න මේ වනවිට රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය පිළිබදව මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.
අබාධයට ලක්වන විට ඔහු පන්දු 85ක් තුල ලකුණු 46ක් රැස්කරගෙන සිටියා.