Gossips

අඩි ගණනක් ඉහළට ගුවනේ පියෑඹූ ජේසන් රෝයි ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨම උඩපන්දුව රැකගත් හැටි

බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලිය මේ දිනවල ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වනවා.
මෙම තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ (01) දිනයේදී ද පැවැත් වුණා.
එහි පළමු තරඟය පැවැත් වුනේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිඩ් කණ්ඩායම අතරයි.
මෙම තරඟය ඉතා තියුණු සටනකින් අනතුරුව ලකුණු 01කින් ජය ගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඊයේ පැවති තරඟ දෙකෙන් දෙවන තරඟය පැවැත් වුණේ සිලෙත් සික්සස් සහ චිතගොං වයිකින්ග්ස් කණ්ඩයම අතරයි.
මෙම තරඟය චිතගොං කණ්ඩායම ලකුණු 29කින් පරාජයකරමින් ජය ගත්තේ සිලෙත් සික්සස් කණ්ඩායමයි.
මෙම තරඟයේදී ක්‍රිකට් පිටියේ බොහෝ දෙනෙකුට අමතක නොවන මතක සටහනක් තබන්නට සිලෙත් සික්සස් කණ්ඩායම නියෝජන කරන එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයිට හැකියාව ලැබුණා.
ඒ ඔහු රැකගත් අති විශිෂ්ඨ උඩපන්දුවක් හේතුවෙන්.
චිතගොං පිළිතුරු ඉනිමේ 08 වන පන්දුවාරයේදී අලෝක් කපාලී යැවූ පන්දුවකට යසීරි අලි ඉහළින් එල්ල කරන පහරක් හතරේ සීමාව ආසන්නයේදී උඩ පන්දුවක් ලෙස රැකගැනීමට ජේසන් රෝයි සමත් වෙනවා.
ගුවනේ පියඹා ගොස් ජේසන් රෝයි විසින් රැකගන්නා මෙම අති විශිෂ්ඨ උඩපන්දුව පිළිබදව මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව අවසන්.
කෙසේ වෙතත් ජේසන් රෝයි රැකගත් මෙම අති විශිෂ්ඨ උඩපන්දුව පිළිබඳව විස්තර විචාරකයන් පවසා සිටියේ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් රැකගත් විශිෂ්ඨම උඩපන්දුව මෙය බවයි.
එම අවස්ථාව පහතින්.