Gossips

ඉදිරි ජනාධිපතිවරණයටත්, ජනපති මෛත්‍රී – අනුරපුරයෙන් යෝජනාවක් සම්මතයි

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරමින් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාවකට අද අනුමැතිය හිමිවුණා.
යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින්.
දුමින්ද දිසානායක ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කරනු ලැබුවේ හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද විසින්.
අනතුරුව එම අවස්ථාවට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේ සියලු නියෝජිතයන් සහ දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයන් අත ඔසවා එම යෝජනාව අනුමත කරන බවට ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීම නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුනා.