Gossips

ආර්ථිකය ගොඩනැගීම තම රජයේ අපේක්ෂාවයි – අගමැති කියයි

සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන තරඟකාරි ආර්ථිකයක් ගොඩනගමින් මෙරට දුගීබව තුරන් කිරීම තම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කුරුණෑගල – නිකවැරටිය පොලිස් ක්‍රිඩංගණයේ අද (01) පැවැති ඉඩම් ඔප්පු ලබා දිමේ උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම උත්සවය සඳහා පැමිණෙන අවස්ථාවේදී කුරුණෑගල – පුත්තලම් මාර්ගයේ නිකවැරටිය – නබඩෑව මංසන්ධියේ ගිරිල්ල ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
මෙම විරෝධතාවය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට උත්සවය සඳහා සහභාගිවීමට සිදුවූයේ කොබෙයිගනේ, නිකවැරටිය මාර්ගයෙන්.
පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කළත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වුයේ නැහැ.
පසුව ප්‍රදේශවාසින් 05 දෙනෙකුට අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවස්ථා ලබාදෙන බව පවසමින් ඔවුන් උත්සව භූමිය වෙත රැගෙන ගිය ද අදාළ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එම ස්ථානයට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායකයි.
පැය 3 කට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතාවය නතර කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබුවේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොරොන්දු වීමත් සමඟයි.