Gossips

ඕස්ට්‍රේලියානු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු දිනයේම හෙම්බත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හිදී ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසන් වුනේ ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙම්බත් කරමින්.
පළමු දිනට තරඟය අවසන් කරන විට ඕස්ට්‍රේලියාව සිය මුල් ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 384ක් ලබා සිටියා.
තරඟයේ ආරම්භයේදීම පන්දුවෙන් පීඩනය එල්ල කරන්නර ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ 28ක් තුළ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ පළමු කඩුළු 03 දවාගනිමින්.
කෙසේ වෙතත් සිවන කඩුල්ලට ට්‍රැවිස් හෙඩ් සහ ජෝ බර්න්ස් ඉතා විශ්ෂ්ඨ සබදතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ලකුණු පුවරුව ශක්තිමත් කළා.
එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 161ක් රැස්කළ අතර නොදැවී ක්‍රීඩා කරන ජෝ බර්න්ස් ලකුණු 172ක් ලබාගෙන සිටිනවා.
පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 03ක් බිඳ දැමූ අතර නවක ක්‍රීඩක චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ දැමුවා.