Gossips

රේගු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන්

රේගු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය කියා සිටියේ ඒ අනුව, තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හදිසියේ ස්ථාන මාරු කර ඒ වෙනුවට විශ්‍රාම ලත් නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තුන් වන දිනටත් අද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු බහාලූම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය මෙන්ම රේගු නිශ්කාෂණය කරන්නන්ගේ සංගමය ද මෙම වර්ජනයට සහය දැක්වීම විශේෂත්වයක්.