Gossips

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

ගල්ගමුව – ඇඹෝගම – උල්පතවත්ත ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් අද (26) උදෑසන කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.
ඇය බස් නැවතුම්පොල වෙත යමින් සිටින අතරතුර මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි අවිවාහක කාන්තාවක්.
පෙරේදා දිනයේදී ද ගල්ගමුව – කුරුන්දකුලම ප්‍රදේශයේදී 70 හැවිරිදි පුද්ගලයෙකු සිය නිවස අසලදී වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර මහියංගනය – දෙහිගොල්ල විහාරස්ථානය ඉදිරිපිට ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණේ වන අලි ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
පදියතලාව – මහියංගනය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවුණා.
මේ අතර තේ වතුවලින් පලාගිය දිවියන් තම ගම්බිම් වල සැරිසන බවට හැටන් – කුඩාඔය ගම්වාසීන් පවසනවා.
එම ගම්මානයේ පවුල් 300 ක් පමණ ජීවත් වන අතර මේ වනවිට නිවෙස්වල සුරතලයට ඇතිකරන සුනඛයින් 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.