Gossips

ඉන්දියාවේ අතුරු අයවැයෙන් ගොවීන්ට සහන රැසක්

නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජය අද ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් ගොවීන් ඇතුළු බහුතර ඡුන්දදායකයන් ඉලක්ක කර ගත් සහන රැසක් ලබාදී තිබෙනවා.
මේ, ඉන්දියාවේ මැතිවරණ වසරයි.
පසුගිය මාසයේ පැවති ප්‍රාන්ත මැතිවරණවලින් මෝදි රජය රාහුල් ගාන්ධිගේ කොංග්‍රසයට ප්‍රාන්ත 3කදී පරාජයට ලක්වුණා.
මේ නිසා මුදල් අමාත්‍ය පියුෂ් ගොයාල් අද ඉදිරිපත් කළ අයවැය මගින් ගොවි ණය සැලකිය යුතු මට්ටමින් කපා හැරීමටත්, ඔවුන්ට රුපියල් 6000 බැගින් දීමනාවක් ඍජුව බැංකු ගිණුම්වලට යොමු කිරීමටත් යෝජනා කෙරුණා.
මෙම සහන සඳහා ඉන්දීය රුපියල් කෝටි 75,000ක් වැය වන බවයි ඉන්දීය මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.