Gossips

25 හැවිරිදි තරුණයෙකුට අතරමගදී කළකම් පලදුන් හැටි

විල්ගමුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ හදිසි වැටලීමක් අතරතුර අත්අඩංගුවෙන් පැන යාමට උත්සහ කළ සැකකරුවෙකු බුලත්අත්තාව ඔයට වැටී මියගොස් තිබෙනවා.
නීතිවිරෝධීව ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුවයි පොලිසිය විසින් බුලත්අත්තාව ඔය අසලදී ලොරි රථයක් නවතා පරීක්ෂා කර ඇත්තේ.
එහිදී එළවලු ප්‍රවාහනය කරන මුවාවෙන් එම රථයේ ගවයන් ප්‍රවාහනය කරන බවට අනාවරණ වී තිබෙනවා.
එම අවස්ථාවේ ලොරි රථයේ එළ ගවයින් 10 දෙනෙකු සහ මී ගවයෙකු කකුල් බැඳ දමා ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
පසුව පොලිසිය විසින් ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු පැන යාමට උත්සාහ ගෙන තිබෙනවා.
ඔහු එම අවස්ථාවේ බුලත්අත්තාව ඔයේ රෝද පාලම මතින් පැන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පහළ ඇති ගල් මතට වැටී ඇති සැකකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ ගම්මැද්ද, කුමුක්කඳුර, ඉහළ රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
විල්ගමුව පොලිසියයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.