Gossips

නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ බීඩිකොළ තොගයක් මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම, නූර් වීදියේදී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 529ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් ඊයේ සිදුකළ වැටලීමකදීයි මෙම බීඩිකොළ තොගය සොයාගෙන ඇත්තේ.
බීඩි කොළ තොගය ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, පසුව සැකකරුවන් මන්නාරම – ජුම්මා දේවස්ථාන පූජා භූමියේ එය අතහැර දමා පළාගොස් ඇති බවයි නාවික හමුදාව කියා සිටියේ.
අදාළ බීඩි කොළ තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.