Gossips

ඇමරිකාවේ අධිශීත කාලගුණය තවදුරටත්

උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහරා සමඟ ඇමරිකාවේ විශේෂයෙන් මිඞ්වෙස්ට් ප්‍රදේශයට බලපා ඇති හිමපතනය හේතුවෙන් මේ වන විට පුද්ගයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
දශක ගණනාවකින් එහි ඇති වී තිබෙන දරුණුතම ශීත ඍතුව මෙයයි.
බොහෝ ප්‍රදේශ ඝන හිම තට්ටුවකින් වැසී ඇති අතර, ඇමරිකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රදේශයක පවතින්නේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 17ක පමණ උෂ්ණත්වයක්.
මිලියන 250 ඉක්ම වූ ජනතාවකට එය බලපා ඇති අතර, චිකාගෝ නුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 32ක දක්වා පහත වැටී තිබෙනවා.