Gossips

ඉන්දියාවේ අද අතුරු අයවැයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් අද අතුරු අයවැයක් ඉදිරිපත් කරනු ලබනවා.
එහිදී විශේෂයෙන් නාගරික මධ්‍යම පන්තිය ඉලක්ක කර ගත් බදු සහන රැසක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්.
ඉන්දියාවේ මහමැතිවරණ මේ වසරට යෙදී ඇති අතර, අග්‍රාමාත්‍ය මෝදිට ඒ සඳහා ජනතා ආකර්ශනය ලබා ගැනීමේ අවසන් අවස්ථාව මෙය බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.