Gossips

සේනා, ජනපති කාර්ය සාධක බලකාය අද රැස්වේ

සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා.
උදෑසන 09 ට ආරම්භ වන එම රැස්වීමේදී විසදුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අනුර විජේතුංග හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.