න්‍යෂ්ටික අවි පමණක් නොව න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීමේ පහසුකම් සියල්ල විනාශ කිරීම සඳහා උතුරු කොරියාව ප්‍රතිඥාවක් ලබාදී ඇති බව ඇමරිකාව පවසනවා.
ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් කියා සිටියේ උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාමාර්ගවලට ඇමරිකාවේ සමාන ප්‍රතිචාරයක් පිළිබද සාකච්ඡා කළ හැකි බවයි.
කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි තුරන් කිරීම පිළිබදව විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ප්‍රකාශ කළ ජනපති ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ නුදුරේදීම දෙවැනි සමුළුවක් පැවැත්වීමට නියමිතයි.