Gossips

බනිස් ගෙඩියේ අල්පෙනෙත්තට, ලක්ෂයක වන්දියක්

අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක් අලෙවි කළ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික ආපනශාලා ජාලයක හිමිකරුවෙකුට එය මිලදී ගත් කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද නියෝග කළා.
අදාළ කාන්තාව මරදාන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ ආපනශාලාවෙන් බනිස් ගෙඩියක් මිලදී ගෙන ඇති අතර, එහි තිබූ අල්පෙනිත්තක් මුඛයේ ඇනී තිබෙනවා.
පසුව සිද්ධිය පිළිබදව එහි හිමිකරු දැනුවත් කර ඇති නමුත්, ඔහු ඇයට බැන වැදී තර්ජනය කර එම ස්ථානයෙන් පිටත් කර ඇති බව සදහන්.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇත්තේ ඉන් අනතුරුවයි.
එහිදී අධිකරණය ආපනශාලා හිමිකරුට මෙම කාන්තාවට රුපියල් දස දහසක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.
ඊට එරෙහිව ආපනශාලා හිමිකරු කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබූ අතර, එහි තීන්දුව අද ලබාදුන් අධිකරණය දස දහසේ වන්දිය වෙනුවට එම කාන්තාවට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ආපනශාලා හිමිකරුට නියෝග කිරීම විශේෂත්වයක්.