Gossips

ලොව පුරා, නව පිළිකා රෝගීන් මිලියන 18 ක්

පසුගිය වසරේදී පමණක් ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 18 යි දශම 1 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එමෙන්ම, වාර්ෂිකව හඳුනා ගන්නා පිළිකා රෝගීන් ප්‍රතිශතය 29 යි දශම 5 දක්වා ඉහළ ගොස් ඇති බවටයි එම කාර්යාංශය සඳහන් කළේ.
පසුගිය වසර කිහිපයේම ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා ඇති වන මරණ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.