Gossips

කොටගල තෙත් බිම් කලාපයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

හැටන් – කොටගල ප්‍රදේශයේ තෙත් බිම් කලාපයක හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ගින්නෙන් අක්කර 10 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඩෙවෝන් දියඇල්ලේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකයි අද උදෑසන මෙම ගින්න හට ගෙන ඇත්තේ.
හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ යුද හමුදා නිලධාරින්ගේ සහය මත ගින්න නිවා දමා තිබෙනවා.