Gossips

කරුවලගස්වැවෙන් අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය සොයා තවමත් මෙහෙයුම් (ඡායාරූප)

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා ආරම්භ කළ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ උදෑසන මෙම දැරිය නිවසේ සිටි අවස්ථාවේදී අතුරුදන් වී ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ. දැරිය අතුරුදන් වන අවස්ථාවේදී නිවසෙහි ඇයගේ සීයා පමණක් රැඳී සිට තිබෙනවා.
ඔහු එම අවස්ථාවේදී නිවස ආසන්නයේ පිහිටා ඇති කලා ඔයට ගොස් ඇති අතර දැරිය කෑ ගැසූ ශබ්දය ඇසී යළි පැමිණි අවස්ථාවේදීයි ඇය අතුරුදන් වී ඇති බව දැක ඇත්තේ.
සෝදිසි මෙහෙයුම සඳහා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටින බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.

ඡායාරූප – පුත්තලම හිරාන් ප්‍රියංකර