Gossips

හොකී බාලක ශූරතාව විද්‍යාර්ථයට

‘‘කැන්ඩි හොකී සෙවන්ස්’’ සත්සාමාජික හොකී තරගාවලියේ වයස අවුරුදු 16 න් පහළ අන්තර් පාසල් බාලක ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල ඊයේ (25) සමත්වුණා.
ඔවුන් අතින් පරාජයට පත්වුණේ මහනුවර ධර්මරාජ විදුහල් කණ්ඩායමයි.
දෙදිනක් පුරා පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ මෙම තරගාවලිය පැවැත්වුණු අතර, වයස අවුරුදු 16 න් පහළ බාලිකා අංශයේ ශූරතාව දිනාගනු ලැබුවේ මහනුවර සීතාදේවී බාලිකා කණ්ඩායමයි.
ඔවුන් අතින් පරාජයට පත්වුණේ මහනුවර මහමායා විදුහල් කණ්ඩායමයි.