Gossips

මලයාසියානු නව රජු ඔටුනු පළඳී

මලයාසියාවේ රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු එරට අගමැති මහතීර් මොහොමඞ් ද හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔහු මෙලෙස ධුරයේ වැඩ භාරගනු ලැබුවේ 5 වන සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට ගත් අනපේක්ෂිත තීරණයත් සමඟයි.
49 හැවිරිදි 5 වන සුල්තාන් මොහොමඞ් රජු කිරුළ අත්හැරීමට තීරණය කළේ රුසියානු රූ රැජිණක් සමඟ රහසිගතවම විවාහ වීමෙන් අනතුරුවයි.
මලයාසියාවේ රජ කිරුළ ප්‍රාන්ත 9ට වසර 5කට වරක් හුවමාරු වන අතර, සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට තීරණය කළේ සිය රාජකීය නිළ කාලයේ වසර 2ක් පමණක් ගත වී තිබියදියි.