Gossips

තල්මසුන් නරඹන්නත් රජය ගාස්තුවක් අය කරයි

මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුල් වරට රජයෙන් ගාස්තුවක් අයකිරීමට තීරණය වී තිබෙනවා.
මෙතෙක් බෝට්ටු හිමියන් විසින් ගාස්තු අය කළ අතර, රජය මගින් අය කෙරෙන ගාස්තු ඇතුළත් ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර අවසන්.
ඒ අනුව වැඩිහිටි පුද්ගලයෙකුගෙන් රුපියල් 150ක සහ අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන්ගෙන් රුපියල් 75 ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.
මීට අමතරව දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 50 ක සේවා ගාස්තුවක් සහ විදේශිකයෙකුගෙන් ඇමරිකානු ඩොලරයක සේවා ගාස්තුවක් අය කෙරෙන බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ චන්න සුරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත් තල්මසුන් ඇතුලූ ක්ෂිරපායි සතුන් නැරඹීම සඳහා කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන සමූද්‍රීය කලාප තුලට පිවිසීමේදී මෙතෙක් අයකළ ගාස්තු වල සංශෝධනයක් සිදු කර නැහැ.
මේ අතර සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග අද පෙරවරුවේ මිරිස්ස ධීවර වරායේ සංචාරයක නිරත වුණා.
එහිදී නව ගාස්තු ඇතුළත් පළමු ටිකට් පත නිකුත් කෙරුණේ විෂයභාර අමාත්‍යවරයාගේ් ප්‍රධානත්වයෙන්.