Gossips

ඉන්දියාවට දරුණු පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති සිව්වන එක්දින තරඟය කඩුළු 08කින් ජය ගැනීමට නවසිලන්ත කණ්ඩායම අද සමත් වුණා.
කෙසේ වෙතත් තරඟ 05කින් සමන්විත තරඟාවලිය 3ට 1ක් ලෙස දැනටමත් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.
අද පැවති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවන් සියළු දෙනා ලකුණු 92කට දවා ගැනීමට නවසිලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි මෙම තරඟයේදී විවේක ගන්වා ඇති අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මා වෙත පවරා තිබෙනවා.
රෝහිත් ෂර්මා අද ක්‍රීඩා කරනු ලබන්නේ සිය 200 වන එක්දින තරඟයයි.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 5ක් තුල සියලු දෙනා දැවී ලකුණු 92ක් රැස් කළා. නවසිලන්තය වෙනුවෙන් ටෙ‍්‍රන්ට් බෝල්ට් කඩුළු 05ක් දවා ගත්තා.
ලකුණු 93ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නවසිලන්ත කණ්ඩායම එම සීමාව පසුකර ගියේ පන්දු වාර 14යි පන්දු 04ක් තුල කඩුළු 02ක් පමණක් දැවී තිබියදීයි.
rnrn