Gossips

ව්‍යාජ නෝට්ටු 140 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 95 ක් සහ පන්දහසේ මුදල් නෝට්ටු 16 ක් සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
මේ අතර ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 29ක් සමඟ පුද්ගලයෙකු හොරොව්පතාන නගරයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
29 හැවිරිදි සැකකරු මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.