Gossips

කේරළ ගංජා කිලෝ 41 ක් සමඟ දෙදෙනෙකු අල්ලයි

කේරළ ගංජා කිලෝ 41 යි ග්‍රෑම් 530 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ යාපනය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
යතුරුපැදියකින් මොවුන් මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදියි කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරුවන් යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.