Gossips

ඇහැලියගොඩ වෙළඳසැලක ගින්නක්

ඇහැලියගොඩ මෝරගල ප්‍රදේශයේ ගෑස් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරන වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (30) රාත්‍රී 8ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගින්නෙන් වෙළඳසැල සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.
පැය දෙකකට ආසන්න කාලයක පුරා පැවතී ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ රථ දෙකක් යොදාගත් බවයි පොලිසිය පවසන්නේ.
විදුලිකාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.
ඇහැලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.