Gossips

අධික ශීතලෙන් ඇමරිකාවේ හත්දෙනෙකු මරුට

ඇමරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තවලට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් හත්දෙනෙකු මියගොස් තිබෙනවා.
උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහර හේතුවෙන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ තුනෙන් දෙකක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම පාහේ හිමෙන් වැසී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
විශේෂයෙන් ඇමරිකානු මිඞ්වෙස්ට් ප්‍රදේශයට මෙන්ම පංච මහා විල් අසළ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 30 දක්වා පහළ බැස ඇති බවයි වාර්තාවන්නේ.
අධික ශීත කාලගුණය පවතින ප්‍රදේශවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.