Gossips

පළාත් සභා පැරණි ක්‍රමයට – විපක්ෂ නායක කියයි

පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට හෝ කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
නව සංචාරක හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවකට මීගමුවේදී ඊයේ එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ව්‍යවස්ථා කෙටුම්පතේ කරුණුවලින් සියයට 75 කට විපක්ෂ නායකවරයා මීට පෙර එකඟ වී ඇති බවට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශයක් පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් පළමුව ප්‍රශ්න කර සිටියා.