Gossips

පාසල් ළමුන් සමග බූරු ගැසූ කත ගැන කළ හෙළිදරව්වට දෙමවුපියන්ගෙන් පැසසුම්

ජා ඇළ ප්‍රදේශයේ පාසලක දරුවන් බාහිරින් පැමිණෙන කාන්තාවකගේ මැදිහත්වීම මත සූදු ක්‍රීඩාවේ නිරතවන බව හිරු සී.අයි.ඒ හරහා අප පසුගියදා අනාවරණ කළා.
එම අනාවරණයෙන් අනතුරුව දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත අදාළ පාසලේ විදුහල්පතිවරයා ඉන් ඉවත් කර නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා.
ජා ඇල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක සති අන්තයේ ක්‍රීඩා සදහා පැමිණෙන දරුවන් මෙලෙස සුදු ක්‍රීඩාවේ නිරත වන බව අප මුල්වරට පෙරේදා දිනයේදී හෙළි කළා.
අපගේ අනාවරණයෙන් පසු ඊයේ පෙරවරුවේ අදාල කාන්තාව හා පාසලේ ආරක්ෂක නිලධාරිනිය ජා ඇල පොලිසිය මගින් අත්අංගුවට ගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කෙරුණා.
එහිදී නියෝග කෙරුණේ සැකකාරියන් දෙදෙනා පෙබරවාරි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
පාසලේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට පාසලට පැමිණෙන ලෙසට කළ දැනුම්දීමට අනුව දෙමාපියන් විශාල පිරිසක් අද පාසලට පැමිණ සිටියා.
එහෙත් විදුහල්පතිවරයා අද මෙම රැස්වීම සදහා සහභාගී නොවන බව දැන්වීමත් සමග දෙමාපියන් නොසන්සුන්වුනා.
මෙලෙස විරෝධතා දැක්වු දෙමාපියන් පසුව බස් රථයක නැගී මීගමුව කළාප අධ්‍යාපන කාර්යාලයට පැමිණියා.